top of page

ගිනි නිවීම – තාක්‍ෂණික දැනුම

Updated: Mar 28, 2020

මේක ගොඩාක් දෙනෙක් නොදන්න කාරණයක්.ගිනි නිවීමේ උපකරණ දැකල තිබුණත් ඒවා ක්‍රියා කරවන්නෙ කොහොමද කියන එක ගැන දැනුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.ඉතින් මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඕගොල්ලන්ට ඒ පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන්නයි.


ගින්නක් ඇතිවීම සඳහා මූලික අවශ්‍යතා



ගින්නක් ඇතිවීම සඳහා මූලික අවශ්‍යතා 3ක් තිබේ. එනම්

  1. තාපය

  2. ඔක්ෂිජන්

  3. ගිනි ගැනීමට අවශ්‍ය මාධ්‍යයක්(එනම් ඉන්දනයක්)

මේ ත්‍රිත්වය ගිනි ත්‍රිකෝණය ලෙස හැදින්වේ.ගිනි මැඩ පැවැත්වීමේදී සිදු කරන්නේ මෙම කාරණා 3න් 1ක් හෝ කීපයක් වැළැක්වීමයි.


ගිනි වර්ග


ප්‍රධාන වශයෙන් ගිනි වර්ග 5කි(මෙම ගිණි A, B, C, D, K ලෙස වර්ග කොට ඇත).නමුත් මෙහිදී අපගේ එදිනෙදා කටයුතු වලට ඇති අවශ්‍යතාව සලකා මූලික ගිනි වර්ග 4ක් ගැන සලකා බලමු. එනම්,

  1. කඩදාසි ලී ආදියෙන් ඇතිවෙන ගිනි

  2. ගෑස් වලින් ඇතිවෙන ගිනි

  3. තෙල් හා වෙනත් රසායන ද්‍රව්‍ය ආදියෙන් ඇතිවෙන ගිනි

  4. විදුලියෙන් ඇතිවන ගිනි


ගිනි නිවීම


ගිනි නිවීම ඉතා ප්‍රවේසම් කාරී කටයුත්තකි.එනම් මෙහිදී ගින්න වැඩි වී අනතුරු සිදුවිය හැකි බැවිනි.සාමාන්‍ය ගිනි නිවීම සදහා උපකරණ(portable fire extinguishers) ඇත.මේවා 0.5-15kg දක්වා බරින් යුක්තය.


1. ජල ගිනි නිවනය


මෙය රතු පැහැයෙන් යුක්තය.සම්පීඩිත (නයිට්‍රිජන් වායුවෙන්) ජලය ගබඩා කර ඇත.ලී රෙදි,කඩදාසි ආදියේ ඇතිවන ගිනි නිවීම සඳහා පමනක් භාවිතා කල යුතුය. විදුලියෙන් ඇතිවන ගිනි නිවීම සඳහා කිසිසේත්ම භාවිතා නොකල යුතුය. සාමාන්‍යයෙන් බොහොමයක් කාර්යාල හා කඩ සාප්පු ආදියේ දකින්නට ඇත.



2. කාබන්ඩයොක්සයිඩ් ගිනි නිවනය


මෙය රතු පැහැති ටැංකියේ කළු පැහැති පටියකින්  යුක්තය.සම්පීඩිත කාබන්ඩයොක්සයිඩ් වායුව අන්තර්ගතය.විදුලියෙන්,තෙල්,රසායන ද්‍රව්‍ය හා ගෑස් මගින් ඇතිවන ගිනි නිවීම සඳහා විශේෂයෙන් භාවිතා කරයි.කඩදාසි හා රෙදි ආදියෙන් ඇතිවන ගිනි නිවීමට සුදුසු නැත(සම්පීඩිත වායුව වේගයෙන් නිකුත් වන විට කඩදාසි හා රෙදි විසිවී යාමෙන් ගින්න පැතිරීමේ අවදානමක් පවතී).


3.රසායනික පෙන ගිනි නිවනය


මෙය රතු පැහැති ටැංකියේ කහ පැහැති පටියකින් යුක්තය.රසායනික පෙන අඩංගු වේ.තෙල් වර්ග වලින් ඇතිවෙන ගිනි නිවීම සඳහා ඉතා සුදුසු වනඅතර ලී,කඩදාසි හා රෙදි ආදියෙන් ඇතිවෙන ගිනි නිවීම සඳහාද සුදුසු වේ.


4. රසායනික කුඩු ගිනි නිවනය


මෙය රතු පැහැති ටැංකියේ නිල් පැහැති පටියකින් යුක්ත වන අතර රසායනික කුඩු අන්තර්ගතය.නෑම ගින්නක් මැඩ පැවැත්වීමට ගත හැකිය.නමුත්මෙම කුඩු මගින් පරිසරය අධ්ක ලෙස අපවිත්‍ර වන අතර විදුලි පරිපථ ආදියට හානි සිදු විය හැකිය.එම නිසා භාවිතයේදී සැලකිලිමත්විය යුතුය.


ගිනි නිවනය භාවිතා කරන ආකාරය



  1. ආරක්ෂිත Pin එක ගලවන්න, සුළගේ දිශාවට ප්‍රතිවිරුද්ධව සිට ගෙන ගිණි නිවනය සිරස්ව හොදින් අල්ලා ගන්න.(Pull)

  2. ගින්නේ මූලය දෙසට යොමුකරන්න.(Aim)

  3. හැඩලය ක්‍රියාත්මක කරන්න.(Squeeze)

  4. ගින්න පැතිරුණු ප්‍රදේශය අවරණය වනලෙස හසුරුවන්න. (Sweep)



4 views0 comments
bottom of page